කෝටි 5 කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා තරුණියක් කටුනායක දී අල්ලයි

කෝටි 5 කට වැඩි කුෂ් මත්ද්‍රව්‍ය ගෙනා තරුණියක් කටුනායක දී අල්ලයි

රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතික තරුණියක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඊයේ රාත්‍රි කටුනායක ගුවන් තොටුපළේ හරිත මාවත ඔස්සේ මෙරටට ඇතුළු වීමට තැත් කළ විදෙස් ජාතික තරුණියක් ගුවන් තොටුපල රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඇගේ ගමන් මල්ලේ සූක්ෂම ලෙස ඇසුරුම් 25 ක කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05 යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

එම තරුණිය තායිලන්තයේ සිට ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ පසුව එහි සිට ඊයේ රාත්‍රි කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ කටුනායක ගුවන් තොටුපලේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බවයි.

Share This