
දකුණු කොරියාවේ අයහපත් කාලගුණයෙන් 14 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු කොරියාවේ දින ගණනාවක් පුරා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ කාර්යාලය පවසනවා.
හදිසි ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බැවින් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බියක් පවතින අතර, පුද්ගලයින් 12 දෙනෙකු අතුරුදහන් වී ඇති බව වාර්තා වුණා.
ඊයේ (19) දර්ශනවලට අනුව, දැකගත හැකි වූයේ මධ්‍යම චුන්චියොං කලාපයේ නායයෑමකින් පසු මුළු ගම්මානයක්ම පස් හා සුන්බුන් වලින් වැසී ගොස් තිබූ ආකාරයයි.