
කැගල්ලේ දී බස් රථ දෙකක් ගැටී 28 කට තුවාල – තිදෙනකුට බරපතලයි
කොළඹ – මහනුවර මාර්ගයේ කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේදී අද අළුයම 5.30 පමණ සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 28 දෙනකු තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෑගල්ල මහ රොහලේ අධ්‍යක්ෂක වෛද්‍ය චන්දන විජේසිංහ මහතා පැවසුවේ ඉන් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බවයි.
කෑගල්ල සිට රත්නපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා වේරගොඩ සිට කෑගල්ල දක්වා ධාවනය ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම අනතුරින් පෞද්ගලික බස් රථයේ සිටි මගීන් වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි.
පෞද්ගලික බස් රථයේ රියදුරාගේ නොසැලිකිලිමත් ධාවනය අනතුරට හේතුව වී ඇති බවට සැක කරන බව කෑගල්ල රථ වාහන පොලීසිය සදහන් කළා.
අනතුරින් තුවාල ලැබු දෙදෙනෙක් වරකාපොල මූලික රෝහලටත් 26 දෙනෙකු කෑගල්ල මහ රෝහලටත් ඇතුලත් කර තිබෙනවා.