
“ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාස 2025 “ ජූලි 26 දක්වා
ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කරන “ ත්‍රිකුණාමලය නාවික අභ්‍යාස 2025 “ ඊයේ ආරම්භ වුණා.
එහි සමාරම්භය සිදු වුණේ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර තිසේරාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේදීයි.
මෙම අභ්‍යාසය මේ මස 26 දක්වා ත්‍රිකුණාමලය වරාය සහ නැගෙනහිර නාවික විධාන මුහුදු තීරය ආශ්‍රිතව නාවික හමුදාවේ නෞකා බල ඇනිය, හතර වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහය ,විශේෂ යාත්‍රා බලඝනය, මැරීන් බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් පැවැත් වෙනු ඇති.
ස්ථාවර සාගර කලාපයක් පෝෂණය කිරීමේ ජාතික සමුද්‍රීය අභිලාශයන් සාක්ශාත් කරගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම අභ්‍යාස මෙහෙයුම් සිදු කරනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරයේ සිට ජාත්‍යන්තර මුහුද දක්වා සිදු කරන පුළුල් පරාසයක අභ්‍යාස කටයුතු හා මෙහෙයුම් ඒකාබද්ධ ප්රවේශයකින් සිදු කිරීමේදී නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර අන්තර් ක්‍රියාකාරීත්වය හා මෙහෙයුම් සූදානම වැඩිදියුණු කිරීම මෙමගින් අපේක්ෂිත කරුණු අතර ප්රමුඛයි.