පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 4ක් ජීවිතක්ෂයට

පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 4ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ රාජස්ථානයේ ජලාවර් දිස්ත්‍රික්කයේ ගම්මානයක පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය මාධ්‍යයන් වාර්තා කරනවා.

පිප්ලෝඩි ප්‍රාථමික පාසලේ සුන්බුන් අතර තවමත් සිරවී සිටින 40කට වැඩි පිරිසක් මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයේ කටයුතු කරමින් සිටී.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා ළමුන් දස දෙනෙකු ජලාවර් වෙත යොමු කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අද (25) උදෑසන 7.45 ට පමණ රජයේ උසස් ප්‍රාථමික පාසලේ සිසුන් උදෑසන යාඥාව සඳහා රැස්ව සිටියදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.

Share This