ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට එරෙහිව මුතු නගර් විරෝධය අතර පොලීසිය සමග ජනතාව ඇවිලෙයි (VIDEO)

ආණ්ඩුවේ සංවර්ධන සැලැස්මට එරෙහිව මුතු නගර් විරෝධය අතර පොලීසිය සමග ජනතාව ඇවිලෙයි (VIDEO)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන සැලැස්ම යටතේ ඉඩම් අහිමි වීමේ අවදානමට ලක්ව සිටින මුතු නගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් අද ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවහිර කර විරෝධතාවක නිරත වුණා.

මුතු නගර් ප්‍රදේශයේ සූර්ය බලාගාරයක් පිහිටුවීම සඳහා සංවර්ධනයේ නාමයෙන් පොදු කෘෂි කාර්මික ඉඩම් අත්පත් කර ගැනීමට එරෙහිවයි මෙම විරෝධතාව දියත් කර තිබුණේ.

ප්‍රදේශයේ වැට බැඳ ඇති ඉඩම් වසර ගණනාවක් තිස්සේ කෘෂි කාර්මික ක්ෂේත්‍ර ලෙස භාවිතා කර ඇති අතර, පූර්ව උපදේශන, නිසි තොරතුරු සහ මහජන කැමැත්තකින් තොරව රජය මෙම පියවර ප්‍රදේශයේ ජනයා දැඩි ලෙස හෙළා දකිමින් විරෝධය පළ කරනවා.

“කෘෂිකාර්මික ඉඩම් ආරක්ෂා කරන්න, ජනතාවගේ දේපළ අත්පත් කර නොගන්න, පරිසර විරෝධී ව්‍යාපෘති නවත්වන්න” වැනි සටන් පාඨ විරෝධතාකරුවන් නැඟූ අතර ඔවුන්ගේ ජීවනෝපාය අහිමි කරන ව්‍යාපෘති නතර කරන ලෙස ද ඉල්ලා සිටියා.

විවිධ සමාජ සංවිධාන, කෘෂිකාර්මික සංගම් සහ ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවයට එක්ව සිටියා.

විරෝධතාකරුවන් අතරතුර, දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිලධාරීන් සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර, විසඳුමක් නොලැබුනහොත් ඉදිරි දිනවලදී ප්‍රචණ්ඩකාරී ජනතා විරෝධී ක්‍රියාකාරකම් දිගටම පැවතිය හැකි බවටොවුන් අනතුරුැගවීමක් ද සිදු කළා.

පසුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර , නැගෙනහිර ආණඩුකාර ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර යන මහත්වරුන් ඇතුලු පිරිස පිටත්ව යාමේදී මතු වූයේ දැවි උණුසුම්කාරී තත්ත්වයක්.

පොලීසිය විරෝධතාකරුවන් ඉවත් කිරීමට යාමේදී ඔවුන් ඊට එරෙහිව විරෝධය පළ කිරීම හේතුවෙන් දෙපර්ශ්වය අතර ඇති වූයේ උනුසුම්කාරී වාතාවරණයක්.

Share This