
කෝටි 2 කට අධික කේරළ ගංජා යාපනයෙන් යුද හමුදාව අල්ලයි
යුද්ධ හමුදා බුද්ධි අංශය හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් රුපියල් ලක්ෂ 216 ක් පමණ වටිනා කේරල ගංජා තොගයක් ඔවුන් භාරයට ගෙන තිබෙනවා.
යාපනය යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අද(31) අළුයම, නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී යාපනය මරදන්කේණි, වත්තිරායන් ප්‍රදේශයේ දී මෙම නීති විරෝධි මත්ද්‍රව්‍ය සොයා ගත්තා.
මෙරටට ප්‍රවාහනය කල කේරල ගංජා කිලෝග්‍රෑම් 108ක ප්‍රමාණයක් ( පාර්සල් 54) හමුදා භාරයට ගෙන තිබුණා.