අද සිට අධිවේගයේ සැහැල්ලු‍ වාහනවල සියලු මගීන්ට ආසන පටි අනිවාර්ය

අද සිට අධිවේගයේ සැහැල්ලු‍ වාහනවල සියලු මගීන්ට ආසන පටි අනිවාර්ය

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු‍ම සැහැල්ලු‍ වාහනවල පසුපස ආසනවල සිටින මගීන්ද ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, එය දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලු‍ම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනවා.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අමාත්‍යවරයා පැවසුවේ.

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එසේම, අධිවේගී මාර්ගවල සියලු‍ වාහනවල ආසනපටි පැළදීමේ නිතිය සැප්තැම්බර් පළවනදා සිට ක්‍රියාත්මකවීමට ද නියමිතයි.

අද සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු‍ම සැහැල්ලු‍ වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ආසන පටි පැළඳීම පිළිබද ව විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි පොලීසිය සඳහන් කළේ.

Share This