
ප්රකට දෙමළ නළු මධන් බොබ් දිවි රගමඩලට සමුදෙයි
ප්රවීණ දෙමළ නළුවෙකු වන වෘත්තීය නාමයෙන් මධන් බොබ් ලෙස හැඳින්වෙන එස්. ක්රිෂ්ණමූර්ති සිය දිවි රගමඩල අවසන් කර තිබෙනවා.
මිය යන විට 71 හැවිරිදි වියේ පසුවූ ඔහු පිළිකා රෝගයෙන් පෙළෙන සිටිය දී ඊයේ (01) සවස ඔහුගේ අඩයාර් හි පිහිටි නිවසේදී මිය ගිය බව වාර්තා වුණා.
වෘත්තීය නාමයෙන් මධන් බොබ් ලෙස හැඳින්වෙන එස්. ක්රිෂ්ණමූර්ති අට දෙනකුගෙන් යුත් පවුලේ බාලම දරුවායි.
කමල් හසන්, රජිනිකාන්ත්, අජිත්, සූර්යා සහ විජේ වැනි ප්රමුඛ නළුවන් සමඟ ඔහු දෙමළ සිනමාවේ සිය රංගන දායකතවය බෙදාගත්තා.
ඔහු ජනප්රිය සන් ටීවී විකට වැඩසටහනක් වන ” අසත පොවතු යාරු” හි විනිශ්චයකරුවෙකු ලෙස පෙනී සිටියා.
ඔහු බහුකාර්ය නළුවෙකු මෙන්ම ප්රකට සංගීතඥයෙක්.
ඔහුගේ කැපී පෙනෙන චරිත කිහිපයක් වූයේ: තෙනාලි චිත්රපටයේ “දියමන්ති බාබු” සහ ෆ්රෙන්ඩ්ස් හි “කළමනාකරු සුන්දරේසන්” චරිතයි.
ඔහුගේ අවසන් කාලය ගතකර ඇත්තේ චෙන්නායි හි අදාර් හි ඔහුගේ නිවසේයි.