
මිනී මැරුම්වලින් කෙළවර වූ මත්පැන් සාද – 72 හැවිරිදි කාන්තාවක් ඝාතනය කළ පව්කාර පුතෙක්
මාරවිල මූදුකටුව වෙරළ තීරයේදී ඊයේ රාත්‍රියේ දෙපාර්ශ්වයක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
එහිදී තියුණු ආයුධයකින් පහරදීමකින් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මාරවිල මුදුකටුව වෙරළ තීරයේදී ඊයේ රාත්‍රියේ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
එහිදී තරණයින් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදුව ඇති අතර ඔවුන් මාරවිල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර තිබුණේ.
රෝහල් ගත කිරීමෙන් පසුව එක් තරුණයෙකු මියගොස් ඇති අතර ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මියගිය තරුණයා තවත් තරුණයින් තිදෙනෙක් සමඟ සාදයක් පවත්වා ඇති අතර ඒ අසළ තවත් තරුණයින් පිරිසක් සාදයක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී දෙපාර්ශ්වය අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුව මියගිය තරුණයාගේ පාර්ශ්වයට අනෙක් පාර්ශ්වය තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූ අනෙක් තරුණයා මේ වන විට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් බිංගිරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර ත්‍රිකුණාමල උතුරු වෙරළ මාර්ගයේදී ද පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සාදයක් අතරතුර එම ඝාතනය සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය ක්රිෂ්ණ මාවතේ පදිංචිව සිටි 32 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
මේ අතර පෙරේදා රාත්‍රියේ රත්නපුර ඩිපෝ හංදිය ආසන්නයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක් පහරදී ගෙළ සිරකර ඝාතනය කර තිබුණා.
අදාළ ඝාතනය මියගිය වයෝවෘද කාන්තාවගේ දියණියගේ පුත්‍රයා විසින් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
ඒ අනුව 29 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා.
ඊට අමතරව වාරියපොළ රන්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවක්ද ගෙළ සිර කර ඝාතනය කර තිබුණා.
එම ඝාතනය අදාළ කාන්තාවගේ දියණිය විසින් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.