
මාදම්පේ ප්‍රදේශයේ සිලිකා වැලිකැනීම පිළිබඳ පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇති වන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ද්විපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම පෙත්සම ඉකුත් අද (04) කරුණු තහවුරු කිරීම සඳහා කැඳවූ අවස්ථාවේදී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
පරිසරයට හානි වන ආකාරයෙන් වයඹ පාලාත් පරිසර අධිකාරිය පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවකින් තොරව දිගින් දිගටම පාරිසරික අනුකුල සහතික නිකුත් කිරිම නීතියට පටහැනි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නා.
එහිදි වයඹ පලාත් පරිසර අධිකාරිය කියා සිටියේ එසේ පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාවක් අවශ්‍ය නොවන බවයි.
එහෙත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල නියෝග කළේ නැවත එම බලපත්‍ර ලබාගැනීමට පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව අවශ්‍ය බවටයි.
නඩුවට ඇතුලත් වීමට අවශ්‍ය තවත් පාර්ශවකරුවන් දෙපලකට ඊට අවසර ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණය එහිදී අවසර ලබාදුන්නා.