දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත්කරන යෝජනා විවාදය අද

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත්කරන යෝජනා විවාදය අද

පාර්ලිමේන්තුව අද (05) පෙ.ව 9.30ට රැස් වෙයි.

අනතුරුව ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය අද (05) පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

අද පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය වෙන්කර ඇත්තේ ස්ථාවර නියෝග 22 හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහායි.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර තිබෙනවා.

 

Share This