
ධූරකාලය අවසන් කර ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ගෙදර යයි
ධූරකාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (04) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මුණ ගැසුණා.
එහිදී මහ කොමසාරිස්වරයා පිළිගනිමින්, තම ධුර කාලය තුළ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඔහු දැක්වූ දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥතාව පළ කළා.
මෙහිදී මහකොමසාරිස්වරයා රජය විසින් මෑත කාලීනව ගත් ක්‍රියාමාර්ග අගය කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්රයත්නයන් සඳහා ඕස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද සඳහන් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරිය මේ සාකච්ඡාව අතරතුර, විස්තර කර ඇත්තේ ආයතනික විධිවිධාන ශක්තිමත් කිරීම, කලින් ඇණහිට තිබූ ව්‍යාපෘති නැවත පණ ගැන්වීම සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු රජයේ ප්‍රමුඛතා පිළිබඳවයි.
එවැනි ව්‍යාපෘතීන්හි වැදගත්කම පිළිගත් මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුළු ව්‍යාපෘතීන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහයෝගය ලැබෙන බව අවධාරණය කර තිබෙනවා.