
ලක්ෂ 7ට වැඩි හෑෂ් හා කුෂ් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකා වැටලීම් ඒකකයේ නිළධාරීන් සමඟ සිදුරන ලද ඒකාබද්ධ වැටලීමකදී රුපියල් 7,750,000.00ක වටිනාකමක් සහිත හෑෂ් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑරෑම් 50ක් ,කුෂ් ග්‍රෑරෑම් 500ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,250,000.00ක්, යතුරුපැදියක්,ඩිජිටල් තරාදියක් සහ වැකුම් සීලර් එකක් ද මෙම මෙහෙයුමේදී සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරි විමර්ශන කටයුතු කිරිබත්ගොඩ පොලිසිය මඟින් සිදු කරනු ලබයි.