
ප්‍රංශයේ ලැව්ගිනි තවමත් ඇවිළෙයි
වසර 75 කට පසු ප්‍රංශයේ ඇති වූ විශාලතම ලැව්ගිනි තවමත් පාලනය කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන භටයින් 2,000 කට වැඩි පිරිසක් සහ ගිනි නිවන වාහන 500 ක් අවුඩ් කලාපයට යොදවා ඇති අතර, ඒ සමඟම ජෙන්ඩර්මරි සහ හමුදා නිලධාරීන් ද සිටින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ
දකුණු ප්‍රංශයේ රිබෝට් ගම්මානය අසල අඟහරුවාදා ඇති වූ ගින්නෙන් වයෝවෘද්ධ කාන්තාවක් මිය ගොස් ගිනි නිවන භටයින් 11 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්
හෙක්ටයාර 16,000 (වර්ග සැතපුම් 62) ක භූමි ප්‍රදේශයක ගින්න පැතිර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා
එමෙන්ම ජල බෝම්බ හෙලන ගුවන් යානා ද ගින්න මැඩපැවැත්වීමට උපයෝගී කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ