
බලපත්‍ර නැති ගිනි අවිය සමග තරුණයි දෙදෙනෙක් වරකපොලේ දී කොටු
ගිනි අවියක්, උන්ඩ 2ක්, යතුරු පැදියක්, දුරකථන 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු වරකාපොල පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වරකාපොල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් ඊයේ (08) සවස වරකාපොල නගරයේ යතුරු පැදියකින් ගමන් ගන්නා පුද්ගලයකු පරීක්ෂා කිරීමේ දී පසුපස සිටි පුද්ගලයා අත තිබෙන බෑගයේ සූක්ෂම ලෙස කොටස් තුනකට ගලවා රැගෙන යමින් තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයින් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු මත මෙම පුද්ගලයින් පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී තිබී උන්ඩ 2ක්ද සොයාගෙන ගත් බවයි.
මෙම ගිනි අවියට බලපත්‍රයක්ද නොමැති බව පොලීසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම, පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18 හා 25 වියේ පසුවන ද්ඩෙදෙනෙක් .
බෝර 12 ගිනි අවිය, උන්ඩ 2ක්, ඔවුන් දෙදෙනා සතුව තිබූ ජංගම දුරකථන 2ක්, ඔවුන් ගමන් කළ යතුරු පැදිය හා සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (09) වරකාපොළ මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.