
බලන්ගොඩ,දෙහිගස්තලාව නිවසක් ගිනිගෙන 7 හැවිරිදි දරුවකුට ජීවිතය අහිමි වේ
බලන්ගොඩ පොලිස් වසමේ ,දෙහිගස්තලාව ග්රාම නිලධාරී වසමේ , නාෆියා වත්ත, (පල්ලිය ඉඩම), මහවත්ත, දෙහිගස්තලාව පදිංචි මොහොමඩ් නිසාත් මොහොමඩ් රිමාස් යන අයගේ නිවස ගිනි ගෙන නිවසේ නිදා සිටි 7 යැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පතව තිබෙනවා.
පොලීසියේ 119 අංකයට අද (09) අළුයම පණිවිඩයක් ලැබී ඇත්තේ නිවසක් ගිනි ගන්නා බවටයි.
සිද්ධියට අදාලව විමර්ශන නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවස ගිනිගෙන තිබී ඇති අතර නිවසේ කාමරයක් තුළ සිටි වයස අවුරුදු 07 ක මොහොමඩ් රොෂාන් යන පිරිමි දරුවෙකු පිළිස්සී ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.
එම දරුවා බළන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කළ අවස්ථාවේ තහවුරු වී ඇත්තේ පිලිස්සීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවටයි.