
අයතා මුදල් ඉපයීම් ගැන ප්‍රකාශයකට හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සදහා අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.
ඔහු මෙලෙස පැමිණ ඇත්තේ මුදල් විශුද්ධිකරණ පනතට අනුව සිදුකරන විමර්ශනයකට අදාළව කර ඇති කැඳවීමකට අනුවයි.
අයථා මුදල් ඉපැයීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මීට පෙර කැඳවීම් කර තිබුණා.