
හිටපු ජනපති රනිල්ට සී.අයි.ඩි. යෙන් සිකුරාදා කැදවීමක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඔහු ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදු කළ විදේශ සංචාරයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම වෙනුවෙන් මෙම කැඳවීම සිදුකර ඇති බවයි.
හිටපු ජනාධිපතිවරයා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිල සංචාරයකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදී එංගලන්තයට පැමිණ, එරට විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවීම මගින් සිදුවූ මූල්‍ය අලාභය ඇතුළු චෝදනා කිහිපයකට අදාළවයි මෙම විමර්ශනය සිදුවන්නේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ සමන් ඒකනායක මහතාගෙන් සහ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කළ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන් ද මීට පෙර මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.