
යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩලයට තේරීපත් වූ සාමාජිකයින්ට අගමැතිනිය කිව්ව දේ
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ 2025 – 2027 ජාතික මණ්ඩලය සදහා අභිනවයෙන් තේරීපත් වූ සාමාජිකයින් 52 වෙනුවෙන් විශේෂ ඇයීමේ වැඩසටහනක් ඊයේ (19) පාර්ලිමේන්තුවේ දී පැවැත් වුණා.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ගේ ප්‍රධානතවයෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.
පාර්ලිමේන්තුවට පැමිණි යෞවන සමාජ සම්මේලනයේ 2025 – 2027 ජාතික මණ්ඩලයට තේරීපත් වූ සාමාජිකයින් කතානායකවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව නැරඹීමට ද අවස්ථාව හිමි වුණා.
අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවේ ඉතිහාසයේ පළමු වරට ජාතික සම්මේලනය සදහා කාන්තාවන් පත්ව සිටීම විශාල ජයග්‍රහනයක් බවයි.