හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට ඇප

ඔවුන්ට චෝදනා එල්ල වූනේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්.

කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ අධි චෝදනා භාරදීමෙන් පසු විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපයක් මතයි මුදා හැරුණේ.

2014 වසරේ දෙසැම්බර් සහ 2015 වසරේ ජනවාරි මාසය අතර කාලය තුළ නිසි ක්‍රියාමාර්ග අනුගමනය නොකරමින් ගංවතුර සහනාධාර සදහා එලෙස මුදල් වැයකරමින් සාපරාධී, සාවද්‍ය පරිහරණය ඇතුලු අධි චෝදනා 05 ක් යටතේ හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා ඇතුලු විත්තිකරුවන් 06 දෙනාට චෝදනා ගොනු කර තිබුණා.

Share This