රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට
අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදීමට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.
රජයේ මුදල් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් ලෙස සිය බිරිඳ මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගේ උපාධි ප්රදානෝත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පිලිබ්ඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදුකරනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සිය ධුර කාලයේදී අධිකරණයට රැගෙන එන මොහොත වන විටත් විශාල පිරිසක් එම භූමියට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.