නිධන් හාරන්න ගිය විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇතුලු පිරිසක් අත්අඩංගුවට

නිධන් හාරන්න ගිය විශ්‍රාමික මේජර් ජෙනරාල් ඇතුලු පිරිසක් අත්අඩංගුවට

බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්වැල්ල මාර්ගයේ දොළහේනවත්ත ප්‍රදේශයේ අක්කර 12ක පමණ වපසරියකින් යුතු ඉඩමක ඊයේ(23) රාත්‍රී 10.00 ට පමණ පිරිසක් නිධන් වස්තු හාරමින් සිටින බවට 119 දුරකථන මධ්‍යස්ථානයට ලද තොරතුරක් ලැබී තිබෙනවා.

ඒ අනුව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඇතුළුව soco නිළ සුනඛ අංශය වැටලීමක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.

එහිදී සැකපිට යුද්ධ හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාලවරයකු ඇතුලු පරිසක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කලා.

පොලීසිය පැවසුවේ සැකකරුවන් අතර යුද්ධ හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරයෙකු හා ජ්‍යෙතීෂඥයෙකු සිටින බවයි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.එම්.සී.කේ.බි. ඒකනායක , ගොඩපුස්ස මුදියන්සේලාගේ චන්ද්‍රලාල් කිත්සිරි බංඩාර ඒකනායක , විශ්‍රාමික යුද්ධ හමුදා සෙබල ඒ.පි.මංජුල , දැඩිගමුමගේ අචල දිල්ෂාන්, කොට්ට මහ විදානලාගේ සමරසිංහ, ඉස්තෝම්බු කන්කානම්ගේ ආරියරත්න යන පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

Share This