
ඇල්ල – වැල්ලවායේ ත්‍රිරෝද අනතුරකින් අයෙක් මරුට – තුන් දෙනකුට බරපතලයි
ඇල්ල වැල්ලවාය මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් පෙරලී දරුණු රිය අනතුරක්,අයෙක් මරුට තවත් තිදෙනකුට බරපතල තුවාල
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් කරදගොල්ල නවය කණුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරලී දරුණු රිය අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථය තුල රියදුරු සමග පුද්ගලයන් සිව් දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරින් ඔවුන් සිව්දෙනාම බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර තිනුණා.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ පසුව ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හතළිස් දෙකක පුද්ගලයෙකු වන අතර තුවාල ලැබූ තවත් තිදෙනකු වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
තුවාල ලැබූවන් වයස අවුරුදු විසි හතර,විසි නවය සහ තිස් හතර යන වයස් වල පසුවන්නන් වන අතර මොවුන් රත්නපුර සහ වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
කරදගොල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට පැමිණ රාවණා දිය ඇල්ල නැරඹීමට මෙම පිරිස ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර මෙම අනතුර සිදු වී තිබෙනවා.