
වෙන්නප්පුවේ දී කල්ලියක් පුද්ගලයකු කපා කොටා ඝතනය කර තවත් අයකුට වෙඩි තියලා
වෙන්නප්පුව පොලීසිය ආසන්නයේදී නාදුනන පිරිසක් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.
එහිදී පහර කෑමට ලක්වූ තවත් පුද්ගලයකු තුවාල ලබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර අදාල පුද්ගලයාට වෙඩි තබා ඇතැයි පොලීසිය සදහන් කළා.
වෙන්නප්පුව වැව පාර ප්රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා.
එහිදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි එක් පුද්ගලයකු තුවාල ලබා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර ඝාතනයට පැමිණි පිරිස් ඔහුට වෙඩි තබා ඇතැයි පොලීසිය පැවසුවා.