
කලාපීය ආරක්ෂක සමුළුවකට ලෝක නායකයින් විස්සක් චීනයට – චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්
චීනයේ පැවැත්වෙන කලාපීය ආරක්ෂක සමුළුවකට සහභාගී වන ලෝක නායකයින් විසි දෙනා අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිටින අතර අද මෝදි චීන ජනපති ෂී ජින් පින් මුණ ගැසීමක් ද සිදුවනවා.
මෝදි චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා පවත්වන්නේ ටියැන්ජින් වරාය නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික රැස්වීමට පෙරයි.
වසර හතකට පසු මෝදි චීනයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.
චීනයේ සමීප සගයෙකු වන පුටින් අද ටියැන්ජින් හි රතු පලසක් මතින් චීනයට පැමිණියා.
දිල්ලි රජය රුසියානු තෙල් අඛණ්ඩව මිලදී ගැනීම සඳහා දඬුවමක් ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියානු භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවූ අතර, යුක්රේනයට එරෙහි ඔහුගේ අඛණ්ඩ යුද්ධය සඳහා වැලැඩිමීර් පුටින්ට සම්බාධක තර්ජනවලට මුහුණ දීමට සිදුවී ඇති පසුබිමක මෙම සමුළුව පැවැත් වීම කාගේත් අවධානයට හේතුවී තිබෙනවා.