ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලව, සැප්තැම්බර් මස ඉන්ධන මිල ගණන් සංශෝධනය වී තිබෙනවා.

ඒ  අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු.299ක් ලෙස දැක්වෙනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් වී නැති අතර එහි පැවති මිල රුපියල් 341.00 ක් ලෙසයි දැක්වුණේ.

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 6කින් පහළ දමා ඇති අතර නව එහි නව මිල වන්නේ 283ක් ලෙසයි.

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12 කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වනවා.

ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව දැනුම් දෙනවා.

 

Share This