පොලිස් වැටලීම් වලින් 800 කට ආසන්න පිරිසක් ඊයේ  නීතියේ රැහැනට

පොලිස් වැටලීම් වලින් 800 කට ආසන්න පිරිසක් ඊයේ නීතියේ රැහැනට

පොලීසිය මඟින් දිවයින පුරා සිදුකරගෙන යන අපරාධ හා මත්ද්‍රව්‍ය සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා සිදුකරන මෙහෙයුමේ දී ඊයේ (31) අපරාධවලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 38 ක් සහ සැකපිට පුද්ගලයින් 728 ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.

එහිදී අත් අඩංගුවට ගෙන ඇති වරෙන්තු කරුවන් ගණන 216 ක්.

විවෘත වරෙන්තුකරුවන් 144 ක් ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.

බීමත් රියදුරන් 72 ක් සහ අපරීක්ෂාකාරීව රිය ධාවනය කළ රියදුරන් 24 දෙනකුට ද මෙම මෙහෙයුම අතර නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය සදහන් කළා.

Share This