
ජනපති අදත් උතුරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදත් උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආර්ම්භ කිරීම ඇතුලු කටයුතු කිහිපයකට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
ලෝක පොල් දින සැමරුමට සමගාමීව උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද පෙරවරුවේ ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩිඉරිප්පු නගරයේදී පැවැත්වීමට නියමිතයි.
එය නම් කර ඇත්තේ “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” ලෙසයි.
මේ වසරේ උතුරු පළාතේ අක්කර 16,000 ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කරන අතර 2027 වන විට අක්කර ර 50, 000ක් දක්වා එය ඉහළ නැංවීමට නියමිතයි.
මීට අමතරව උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය , පලෙයි නගරයේ ආරම්භ කිරීමට ද මීට සමගාමීව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
පුදුකුඩිඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්රිත ප්‍රදර්ශනය ද ජනාධිපතිවරයා අතින් විවෘත වීමට නියමිතව තිබෙනවා.
මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාක්කල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමද සිදුකෙරෙන්නේ ජනාධිපතිනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි.
පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකවාල් කලපුව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3000 කට වැඩි සංඛ්‍යාවක් ධාවනය වන අතර දීර්ඝ කාලයක් අලුත් වැඩියා නොකිරීම නිසා දැඩි අබලන් තත්ත්වයේ පවතින බව වාර්තා වනවා.