
කන්ටේනරයක් බවුසරයක් කර ලියාපදිංචිය නැතුව ඉන්ධන ඇද්දාට නඩු
මුල් ආකෘතිය වෙනස් කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකර කාලයක් තිස්සේ ඉන්ධන ප්රවාහනය කළ බවුසර් රථයේ රියදුරාට සහ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නුවරඑලිය ප්රධාන මෝටර් රථ පරික්ෂක ජාලිය බණ්ඩාර මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
කොළොන්නාවේ සිට කොටගල ඛණිජ තෙල් නීති ගත සංස්ථාව දක්වා ඩීසල් සහ පෙට්රල් ඉන්ධන ලීටර් 33000ක් ප්රවාහනය කරමින් තිබිය දී ඉකුත් 06 වන දින හැටන් ෂැනන් වත්ත ප්රදේශයේ දි එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කර යෑමට උත්සහ කිරිමෙදි බවුසර් රථයේ ටැංකියේ බද කොටසේ ගැටි ත්රීරෝද රථයක් අනතුරට ලක් වුණා.
එම ත්රීරෝද රථයේ ගමන් ගත් කුඩා දරුවකු එහිදී බරපතල ලෙස තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු හැටන් පොලිසියෙ රථවාහන අංශයේ නිළධාරින් බවුසර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර තිබුණේ.
පොලිස් භාරයේ තිබූ බවුසර් රථය නුවරඑලිය මොටර් රථ පරික්ෂකවරයාගේ පරික්ෂණයට (08) යොමු කර ලියකියවිලි පරික්ෂා කිරිමේදි එය ලියාපදිංචි වී ඇත්තේ කන්ටේනර් ප්රවාහනය කරන ලොරි රථයක් වශයෙන් බවට තහවුරු වී තිබෙනවා.
ලොරි රථයක් ඉන්ධන ප්රවාහන බවුසර් රථයක් වශයෙන් ලියාපදිංචි කිරිමේදී මෝටර් රථ දෙපාර්ථමේන්තුව මගින් එම ලොරි රථයේ ප්රමිතිය පිළිබදව දැඩි ලෙස පරික්ෂාවට ලක් කරන නිසා මෙම ලොරි රථයේ අයිතිකරුවන් ඉතා සූක්ෂම ලෙස ලොරි රථයට ඉන්ධන ප්රවාහනය කිරිම සදහා ටැංකියක් සවි කර ඉන්ධන ප්රවාහනය කර ඇති බව අනාවරණය වුණා.
ඉන්ධන ප්රවාහනය කරන බවුසර් රථවල ප්රමිතිය දැඩි ආරක්ෂාකාරී සහිතව තිබිය යුතු වුවත්, මෙවැනි ආකාරයට ලොරි රථ කිහිපයක ටැංකි සවි කර ඉන්ධන ප්රවාහනය කිරිමට යොදාගෙන ඇති බවට එම ලොරි රථයේ රියදුරා හැටන් පොලිසියට පවසා තිබෙනවා.
ඒ අනුව ඉන්ධන ප්රවාහනය කරන බවුසර් රථ, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇතිද යන්න පිලිබදව ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ පරික්ෂණයට භාජනය කර ඉන්ධන ප්රවාහනයට යොදා ගන්නා ලෙසට හැටන් මහේස්ත්රාත් අධිකරණයෙන් ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට නියෝගයක් ලබා ගන්නා ලෙසට හැටන් පොලිසියට නුවරඑලිය මොටර් රථ පරික්ෂකවරයා උපදෙස් ලබාදුන් බව පැවසුවා.
මෙවැනි ආකාරයට ලොරි රථවලට ටැංකි සවි කර ධාවනය කිරිමේ දී සිදු වන අනතුරුවලට රක්ෂණ වන්දි ලබාගැනීමේදි ගැටළු පැන නැගිය හැකි බවයි නුවරඑලිය දිස්ත්රික් ප්රධාන මෝටර් රථ පරික්ෂකවරයා තව දුරටත් පෙන්වා දුන්නේ.