
හිටපු නාවික හමුදා සෙබලෙක් ආයුධ එක්ක අත්අඩංගුවට
දිවයිනේ විවිධ ප්රදේශවල පොලිසිය සිදුකරන අඛණ්ඩ වැටලීම් හමුවේ නීති විරෝධී ගිනි අවි සහ උණ්ඩ මෙන්ම අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පසුගිය දින කිහිපයේදීම වාර්තා වුණා.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හිටපු හමුදා සෙබලුන් ද සිටි බවයි වාර්තා වුණේ.
පොළොන්නරුව විජයබාපුර ප්රදේශයේ නිවසක් අසල සඟවා තිබූ නාවික හමුදා නිල ඇඳුම්, ටී 56 උණ්ඩ 15ක්, හිස් පතොරම් කොපු 20ක් සහ තියුණු ආයුධ දෙකක් ද සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අරලගන්විල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් සමත්ව තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නාවික හමුදා සෙබලෙක්.