ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගන්නා දිනය

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තෝරා ගන්නා දිනය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට තීරණය කර තිබෙනවා

බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා ඒ බව තහවුරු කර සිටියා.

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

හිටපු දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7අවසන්වුණා.

 

Share This