කළමනාකරණ නායකත්වයේ විශිෂ්ටත්වයට එස්.සී. විරසේකර රන් සම්මානයෙන් පිදුම් ලබයි

කළමනාකරණ නායකත්වයේ විශිෂ්ටත්වයට එස්.සී. විරසේකර රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය කළමනාකරණ හා නායකත්වය තුළින් ව්‍යාපාරයන්හි විශිෂ්ට මෙහෙවරක් සිදුකරන පුද්ගලයින් අගය කරමින් කළමනාකරණ නායකත්ව විශිෂ්ටතා සම්මාන උළෙල පවත්වනු ලබනවා.

ඒ අනුව පසුගියදා මෙවර සම්මාන උළෙලේදී 2025 වසරේදී CPM කළමනාකරණ හා නායකත්ව නිර්නායකයන් සියල්ල අභිබවා විධායක කාණ්ඩයට අදාළ රන් සම්මානය ඇතුළු තවත් සම්මාන ත්‍රිත්වයකින් එස්.සී. විරසේකර මහතා පිදුම් ලැබුවා.

කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙස එස්.සී. විරසේකර මහතා කටයුතු කරනවා.

S-lon Lanka පුද්ගලික සමාගම, PE+ සමාගම සහ Kevilton Products පෞද්ගලික සමාගම යන සමාගම් ත්‍රිත්වයම ඔහුගේ ශක්තියෙන් හා මඟපෙන්වීමෙන් මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් බවට පත්ව තිබෙනවා.

CPM කළමනාකරණ හා නායකත්වය රන් සම්මානයෙන් පිදුම් ලැබූ එස්.සී. විරසේකර මහතා පිදුම් ලැබූ අනෙක් සම්මාන ත්‍රිත්වය,
Winner – Coporate Social Responsibility Award Category
Winner – Sustainability & Circular Economy Award Category
Winner – Outstanding Leadership Competency Award Category

Share This