
ඔක්ලහෝමා හි දී මාරාන්තික ප්‍රහාරයකින් කොටි හසුරුවන්නක් මරුට (VIDEO)
මෑතකදී ඇමරිකාවේ, ඔක්ලහෝමා හි මාරාන්තික ලෙස ප්‍රහාරයකට ලක් වූ කොටි හසුරුවන්නකු පිළිබද ශෝචනීය පුවතක් වාර්තාවුණා.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ කොටි හසුරුවන්නකු වන රයන් එස්ලි නමැති 37 යැවිරිදි අයෙක්.
ඔහුගේ බිරිඳ සහ දියණිය ඇතුළු නරඹන්නන් බලා සිටියදී කොටි සංදර්ශනයක් අවසානයේ ප්‍රහාරය ලක්වීමෙන් රයන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොහෝ දෙනා භීතියට පත් කරමිනුයි.
ටෙක්සාස් දේශසීමාවට නුදුරින් පිහිටි හියුගෝ අසල ග්‍රෝලර් පයින්ස් ටයිගර් රක්ෂිතයට එහි නියෝජිතයන් පැමිණෙන විට 37 හැවිරිදි රයන් ඊස්ලි මිය ගොස් සිටි බව වාර්තා වුණා.
චොක්ටාව් ප්‍රාන්ත ෂෙරිෆ්වරයා වන ටෙරී පාර්ක් පැවසුවේ කොටියා අනපේක්ෂිත ලෙස පහර දීමට පටන් ගත් අතර පසුව රයන් ඒ මේ අත ඇදගෙන ගොස් ඇති බවයි.
“ඒ සතා ලොකු කොටියෙක්,” පාර්ක් මාධ්‍ය වෙත පවසා තිබුණා.