
ඉදිරි පැය 24 ත් අධික වැසි
දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
ඊයේ රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා.
