මැදිරිගිරිය – පඟුරාණ මඩ ඇලක සිටින වන අලියකු  මුදාගන්න වන ජීවී නිලධාරීන්ට ලණුවක්වත් නෑ

මැදිරිගිරිය – පඟුරාණ මඩ ඇලක සිටින වන අලියකු මුදාගන්න වන ජීවී නිලධාරීන්ට ලණුවක්වත් නෑ

පොළොන්නරුව මැදිරිගිරිය පඟුරාණ ප්‍රදේශයේ මඩ ඇලක එරී සිටි වන අලියෙකු වන ජීවී නිලධාරීන් සොයා ගනී.

පොළොන්නරුව, මැදිරිගිරිය, පල්ලියගොඩලෑල්ල, පඟුරාණ ප්‍රදේශයේ ඇලක වැටී මඩෙහි එරී සිටි වන අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුමක් ඊයේ (26) පොළොන්නරුව , සෝමාවතිය අඩවිය ආරක්ෂක කාර්යාලයේ වන ජීවි නිලධාරීන් විසින් දියත් කළා.

උස අඩි අටක් පමණ වන මෙම වන අලියා වයස අවුරුදු 15ක පමණ වන බවත් සෝමාවතිය රක්ෂිතයේ සිට බීමට ජලය සොයා පැමිණෙන අතරතුරදී මෙසේ මඩ වගුරු ඇලට වැටී දින දෙකක පමණ කාලයක සිටින්නට ඇතැයි වනජීවී නිලධාරීන් සදහන් කළා.

මෙම වන අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම් කටයුතු වන ජීවී නිලධාරීන් නිරතව සිටින බව අප වාර්තාකරු පැවසුවා.

 

Share This