
අනාරක්ෂිතව ධාවනය කළ ලංගම බස් රථයක පැති දොරෙහි යතුරු පැදියක් වැදී පුද්ගලයකු ජිවිතක්ෂයට
ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් තණමල්විල – මාතර මාර්ගයේ රණවර්නාව ප්රදේශයේ දී අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා ලංගම බස් රථයක පැති දොරක් විවෘතව තිබියදී අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කර මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 49 ක පුද්ගලයකු ජීවිතක්සයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ අනතුරකට ලක් වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් තණමල්විල මූලික රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පසු යතුරු පැදිකරු ජිවිතක්ෂයට පතිවී ඇති බවයි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණා.
ජීවිතක්ෂයට පත් වූ යතුරු පැදිකරු තණමල්විල, රණවර්නාව ප්රදේශයේම පදිංචි පුද්ගලයෙක්.
