
හරක්කටාගේ පියාගෙන් “ ජිනීවා එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන්වීම් ගැන කමිටුවට” පැමිණිල්ලක්
නදුන් චින්තක හෙවත් හරක්කටා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අසාධාරණ ලෙස “රැඳවුම් නියෝග මත” රඳවා ගැනීම පිළිබඳ “ ජිනීවා එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන්වීම් ගැන කමිටුවට – UN Committee on Enforced Disappearances (CED)˜ ඔහුගේ පියා විසින් පැමිණිල්ලක් කර තිබෙනවා.
ඊයේ (26) ජිනීවාහී දී පැවැත්වෙන “බලහත්කාරී අතුරුදහන් කිරීම් පිළිබඳ සමාලෝචන රැස්වීමට” අනීතික ලෙස දිගින් දිගටම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින බවට නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා පිළිබඳ ඔහුගේ පියා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන තිබෙනවා.
විශේෂයෙන් ඉහත කී සමාලෝචන රැස්වීමෙහි ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එහි භාවිතය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව මගින් එයට ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙහි 61 සිට 65 වන ඡේද වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සිදු කරන කප්පාදුව සහ සාධාරණ නඩු විභාගයක් සඳහා පවතින අයිතිය පිළිබඳ වන වැඩ පිළිවෙල දක්වා තිබෙනවා.
නමුත් නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා පිළිබඳව ඊට මුළුමනින්ම පටහැණි ලෙස ක්‍රියා කරමින් ලංකාවේ මෙතෙක් කිසිදු LTTE ප්‍රධාන පෙළේ සාමාජිකයෙකුට හෝ භාවිත නොකරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 15(a)1 වගන්තිය වන “නඩු විභාගය අවසන් වන තුරු රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීම” ට නියෝග කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න මෙම පැමිණිල්ල මගින් නදුන් චින්තකගේ පියා ප්‍රශ්න කර සිටිනවා.
මෙහිදී ප්‍රශ්න කර ඇත්තේ ඔහුව අත්අඩංගුවට ගන්නා ලද 2023 මාර්තු 15 දින සිට අද දක්වා වසර 2 යි මාස 7 ක කාලයක් විවිධ රැඳවුම් නියෝග අවස්ථා 6 ක් යටතේ රඳවා ගැනීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි.
විශේෂයෙන්ම එම මුලු කාලසීමාව තුළදීම මත්ද්‍රව්‍ය පිළිබඳ හෝ ආයුධ පිළිබඳ හෝ වෙනත් කිසිදු අපරාධයක් පිළිබඳ එකදු නඩුවක් පැවරීමට හෝ විමර්ෂණ මගින් එවැනි ආකාරයේ මද්‍රව්‍ය හෝ ආයුධ හෝ සාක්ෂි සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කටයුතු නොකර තිබිය දී ඔහුව මේ අයුරින් දිගින් දිගටම රඳවා තබා ගනිමින් සිදු කරනුයේ ඔහුගේ ජීවිතයට හානි කිරීමේ කුමන්ත්‍රණයක්ද යන්න නදුන් චින්තකගේ පියා ප්‍රශ්න කර සිටිනවා.
විශේෂයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට 2022 අංක 12 පනත මගින් ගෙන ආ සංශෝධනය අනුව “අත් අඩංගුවට ගනු ලබන දින සිට මාස 12 ක් ඉකුත් වීමෙන් පසුවත් එම තැනැත්තාට එරෙහිව නඩු විභාගය ආරම්භ කර නොමැති නම්, සැකකරුට ඇප දිය යුතු” බව සඳහන් වන බවයි එහි දක්වා ඇත්තේ.
එම අවස්ථාව මෙම සැකකරු සම්බන්ධව මගහැරීම සඳහා ඔහුට එරෙහිව CID අත් අඩංගුවෙන් පැනයාමට තැත් කිරීම සම්බන්ධව පවරා තිබූ ප්‍රසිද්ධ “කිරිටොපි නඩුව” හෙවත් 4834/2024 දරණ නඩුව වසරක් යාමට මත්තෙන් 2025/08/05 දින ඉල්ලා අස්කරගෙන ඊට දිනකට පෙර එම චෝදනාව මතම 5447/2025 යන නඩුව පවරා එම නඩුව සඳහාද නැවත “නඩු විභාගය අවසන් වනතුරු රඳවා තබා ගන්නා ලෙස වන නියෝගයක්” කුමන්ත්රණකාරී ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම පිළිබඳ මෙහිදී පැමිණිලි කරන තිබෙනවා.
විශේෂයෙන් තමන් අත් අඩංගුවට පත් වූ අවස්ථාවේ දී එවකට පැවති ආණ්ඩුවේ ඉහළම පොලිස් නිලධාරීන් හා මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු කෝටි ගණනක අල්ලසක් ඉල්ලා සිටීම හා ඒවායින් කොටසක් ලබාදීම හා තවත් කොටසක් ලබා නොදීම නිසා මේ අයුරින් තමන්ව රැඳවුම් නියෝග මතම, තංගල්ල පැරණි බන්ධනාගාරයේ තනිවම රඳවා සිටින බව නදුන් චින්තක චෝදනා කර සිටී.
එසේම එවැනි අල්ලස් ඉල්ලූ හා ලබාගත් දූෂිත නිලධාරීන් හා දේශපාලඥයින් 20 කගේ නම් ලැයිස්තුවක් හා ඔවුන්ට උණ්ඩියල් වැනි ක්‍රම මගින් මුදල් ලබා දුන් ආකාරය, ඒවාට සම්බන්ධ වූ අතරමැදියන් පිළිබඳ නම් ගම් සාක්ෂි සහිතව හෙළි කිරීමට ඔහු සුදානම් බව ඔහු අල්ලස් කොමිසමට ප්‍රකාශ කර තිබුණා.
නමුත් මේ වනතෙන් ඔහු රඳවා සිටින්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිසා සහ ඉහත කී අල්ලස් ඉල්ලීම් වලට එම නිලධාරින්ද සම්බන්ධ නිසා ඔවුන්ගේ “භාරයේ” සිටිය දී එම ප්‍රකාශ ලබා දිය නොහැකි බවත්, එවැන්නක් කිරීමට උත්සාහ කල හොත් ඔවුන් තමන්ට ලබා දෙන සුළු පහසුකම් පවා කපා හරින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
උදාහරණයක් ලෙස පහුගියදා “ටිරාන් අලස්” ට හා “දේශබන්දුට” කෝටි 30 ක් ලබා නොදුන් නිසා මෙලෙස තමන් රැඳවුම් භාරයේ රඳවා ඇති බවට සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් පසුව ඔහු රඳවා ඇති කුටියෙන් උදැසන පැය 3 ක් හා සවස පැය 3 ක් ලෙස එළියට ගෙන ඇවිදීමට ලබා දී තිබූ කාලයෙන් උදෑසන පැය 3 කපා හැර ඇති බවත් පවසනවා.
එසේම මෙලෙස නඩු විභාගය අවසන් වනතුරු රඳවා ගැනීම නමැති 15(a)1 විධානයට පළමු වරට 2024 මාර්තු 11 දින අත්සන් තැබූ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්නට අල්ලස් ලෙස කෝටි 2 ක් ලබා දුන් බවට නීතිපති දෙපාර්තමේන්තුව විසින්ම නදුන් චින්තකට එරෙහි නඩුව සඳහා ගෙන එන “පැමිණිල්ලේ පළමු වන සැකකරුගේ (පැ.ස 1) ප්‍රකාශයෙන් සනාථ වන බවත් අදාල ලිපියේ සදහන්.
එලෙස අල්ලස් ලබාගත් පිරිස හා එක්ව කිසිදු සාධාරණ හේතුවකින් තොරව මෙලෙස තමන් රඳවා තබා ගන්නා බවත්, එසේ සිදු කරන්නේ අල්ලස් ලබාගත් අය පිළිබඳ තොරතුරු අල්ලස් කොමිසමට හෙළිකිරීම වැළැක්වීමට බවත්, ඒ අතරතුර තමන්ට දැඩි මානසික පීඩනයක් එල්ල කිරීම මගින් හා වෙනත් කුමන්ත්රණකාරී උපක්‍රම මගින් තමන් මරා දැමීමට සූදානම් වන බවත් නදුන් චින්තක චෝදනා කර සිටීනවා.
එසේම පෙර පැවැති ආණ්ඩුව පැවතියේ නම් මේ වන විටත්, දූෂිත දේශපාලඥයින්ගේ නම් 80 ක් හෙළි කිරීමට ගිය මාකදුරේ මධූෂ්ට සිදුවූ ඉරණමම දූෂිකයන්ගේ නම් 20 ක් හෙළි කිරීමට සූදානම්ව සිටින තමන්ටද අත්වී අවසන් බවත් ඔහු සිය ලිපියේ සදන් කර තිබෙනවා.
නදුන් චින්තකගේ පියා සිය ලිපියේ දක්වා ඇත්තේ සිදු වූ ආණ්ඩු මාරුව නිසා මෙතෙක් කල් තමන්ගේ ජීවිතය රැකුණු බවට ඔහු ප්‍රකාශ කර සිටින බවයි.
එසේම තමන්ට කිසිදු දිනෙක “අයිස්” මත්ද්‍රව්‍ය සම්බන්ධව චෝදනාවක් හෝ නොමැති බවත් කුලියට මිනීමැරුම් කප්පම් ගැනීම් පිළිබඳ චෝදනාවක් නොමැති බවත්, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙස හංවඩු ගැසුවද තමන්ට ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 7.32 ක් සම්බන්ධ මාතර මහාධිකරණයේ 2020 වර්ෂයේ පැවරු එකම එක නඩුවක් පමණක් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.
එසේම නව ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය පිළිබඳ තමන් සතුටු වන බවත් යම් කාලයක තමන් ද යම් තරමක සම්බන්ධතාවක් ඒවාට දැක්වූ නමුත් “අයිස්” මත්ද්‍රව්‍ය සම්බන්ධව තමන් ඉතා දැඩි විරෝධී ප්රතිපත්තියක සිටින බව ඉහළ පොලිස් නිලධාරීන් සාක්ෂි දරනු ඇති බවත් ඉදිරිපත් කර ඇති ලිපියේ සදහන්.
එපමණකදු නොව මෙතෙක් තමන්ට විරුද්ධ එවැනි ආකාරයේ කිසිදු චෝදනාවක් නොමැති වීම මගින් සහ තමන්ව 2013 මාර්තු මාසයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ලංකාවේ ඉහළම අපරාධ විමර්ශකයන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ වසර 2 යි මාස 6 ක් හෙවත් මාස 30 ක් හෙවත් දින 900 ක් හෙවත් පැය 21,600 ක් රඳවාගෙන ප්‍රශ්න කළද, විමර්ශනය කළද, තමන්ට එරෙහිව එකදු මත්ද්‍රව්‍ය ග්‍රෑමයක් හෝ එකදු ආයුධයක් හෝ එකදු අපරාධයක චෝදනාවක් හෝ නඩුවක් හෝ අලුතෙන් පවරා නොමැති වීම මගින් එය සනාථ වන බව ඔහු ප්‍රකාශ කර සිටී.
මෙම මුළු කාලය තුළ ම තමන්ට අළුතින් එල්ල කළ එකම චෝදනාව වනුයේ තමන් විසින්ම සිදුකර ගත් “අත් අඩංගුවෙන් පැන යෑමට උත්සාහ කිරීම” යන චෝදනාව පමණක් බවත් එයද ත්‍රස්තවාදි ක්‍රියාවක් වන්නේ කෙසේද යන්න ගැටලු සහගත බවත්, සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහය යටතේ නම් අත් අඩංගුවෙන් පැනයාමට වරදකරුවකු වන පුද්ගලයෙකුට ලබා දිය හැකි උපරිම දඬුවම අවුරුදු 1 ක සිර දඬුවමක් වන බවත්, නමුත් තවමත් නඩු විභාගය පවා අරඹා නැති එම චෝදනාවට මේ වන විටත් අවුරුදු 1 යි මාස 6 ක් සිරගතව සිටින බවද ඔහු ප්‍රකාශ කර ඇත.
එම නිසා ලංකාවේ සියලු යුක්තිය පසඳලීමට අදාල ආයතන වලින්, සියලුම අධිකරණ වලින් මේ පිළිබඳ ඉල්ලීම් සිදුකර ලංකාවේ ගත හැකි ඉහළම නීති ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවත් තමාගේ පුත්‍රයාට සාධාරණයක් නොවූ කළ සහ ඔහුගේ ජීවිතය දැඩි අනතුරක පවතින බව හැඟී ගිය නිසා මේ අයුරින් ජිනීවා එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන්වීම් ගැන කමිටුවට (UN Committee on Enforced Disappearences – CED) සංක්ෂිප්ත පැමිණිල්ලක් මෙවර සිදුකළ අතර ඉදිරියේදී සවිස්තරව ඒ පිළිබඳව පැමිණිල්ලක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව නදුන් චින්තක වික්‍රමරත්නගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කර ප්‍රකාශ කර සිටීනවා.
.