යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම අද

යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගැනීම අද

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 76 වන සංවත්සරය උදෙසා සංවිධානය කරනු ලබන විශේෂ ආගමික වැඩසටහන් මාලාවේ, යුද්ධ හමුදා ධජයන්ට ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමේ පුණ්‍යෝත්සවය අද (28) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත් වුණා.

මෙම වැඩසටහන පැවැත් වුණේ, යුද්ධ හමුධාපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ ගේ ප්‍රධානත්වයෙන්.

මේ සඳහා යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වී සිටියා.

Share This