මින්නේරිය ආයුර්වේද රෝහලට කඩා පැන්න වන අලියෙක් රෝගී ඇදන් පෙරළයි (VIDEO)

මින්නේරිය ආයුර්වේද රෝහලට කඩා පැන්න වන අලියෙක් රෝගී ඇදන් පෙරළයි (VIDEO)

මින්නේරි ආයුර්වේද රෝහලේ දෙකේ වාට්ටුවට ඊයේ රාත්‍රී පැමිණි වන අලියෙකු එහි රෝගියකු ප්‍රතිකාර ලබන ඇඳක් අසල තිබුණු දැළක් කඩා එම රෝගියා ආහාරයට රැගෙනවිත් තිබූ කෙසෙල් ඇව‍රියක් පැහැර ගැනීමේ සිද්ධියක් වාර්තා වුණා.

මෙම වන අලියා රෝගොයා සිටි ඇඳ පෙරළා දමා කෙසෙල් ඇවරිය පැහැර ගන්නා ආකාරය ජංගම දුරකතනයකින් වීඩියෝගත කර තිබුණා.

එම වන අලියා විසින් ආයුර්වේද රෝහලේ වාට්ටුවේ රෝගීන් සදහා ඇති මදුරු දැල ඉවත් කර එම බාස්කට් එක එළියට ගන්නා ආකාරය එඅම වීඩියෝවෙන් දැක ගත හැකියි.

පසුව ප්‍රදේශවාසීන් සහ ආයුර්වේද රෝහලේ සේවකයින් එකතුව වෙඩි දමා අලියා පළවා හැරීමට කටයුතු කර තිබුණා.

මෙම වන අලියා ආයුර්ද රෝහලේ නේවාසිකාගාර ගොඩනැගිල්ලකටද හානි කර ඇති අතර මීට මාස තුනකට ඉහතදී වෛද්‍යවරියකට ද පහර දුන් අතර ජංගම දුරකථනයකින් පටිගත කරගෙන තිබුණා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ආයුර්වේද රෝහලට නිසිම ක්‍රමවත් ආරක්‍ෂාවක් ලබා දෙන ලෙසයි.

Share This