
නාවලපිටියෙන් ඇල්ලූ 22 හැවිරිදි තරුණයා සිටි නිවාස දෙකක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හසුවේ – බිරින්දෑවරු දෙන්නෙකුත් තියාගෙන (VIDEO)
පසුගිය දා ගැබිණි වෛද්‍ය සායනයට යන මුවාවෙන් ගම්පොළ සිට ගිනිගත්හේන දක්වා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු තරුණ අඹු සැමි යුවළ සඳහා ලබාගත් රැඳවුම් නියෝගයෙන් පසු 22 හැවිරිදි සැමියා රැගෙන ගොස් ඔවුන් පදිංචිව සිටි නිවාස තුනක් පරීක්ෂා කිරීමේදී නිවාස දෙකකම අයිස් මත්ද්‍රව්‍ය හා උපකරණ තිබී සොයා ගැනීමට පොලීසිය සමත් වුණා.
විසි හතර හැවිරිදි පස් මස් ගැබිණි බිරිඳ හා විසි දෙහැවිරිදි සැමියා එක්ව පසුගිය 25 දින යතුරු පැදියකින් ගම්පොළ සිට අයිස් මත්ද්‍රව්‍ය පැකට් විවිධ තැන්වල තබමින් ගිනිගත්හේන දක්වා ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් නාවලපිටිය නගරයේ දුම්රිය නිවාස පෙදෙසේදී අත්අඩංගුවට ගත්තා.
වෛද්‍ය සායන පොත දෙකලවා මත තබා ගෙන සිටි බිරිඳ මව්වරුන්ගේ සායනයට යන බව පොලිසියට පැවසුවද ඔවුන් පරීක්ෂා කිරීමේදී කාන්තාවගේ පියයුරු යට හා රහස් ප්‍රදේශයේ සගවාගෙන සිටි අයිස් පැකට් දාහතක් හා සැමියාගේ ලිංගික ප්‍රදේශයේ සඟවාගෙන තිබූ අයිස් පැකට් විස්සක් සොයා ගත්තා.
මොවුන් නාවලපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කර සැමියා සඳහා දින හතක රැදවුම් නියෝග ලබාගත් අතර ගැබිණි බිරිඳ ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
අනතුරුව මෙම පුද්ගලයා රැගෙන ඊයේ (28) හා අද (29) උදෑසන ඔවුන් රැඳී සිටි නිවාස තුනක් පරික්ෂාවට ලක් කළා.
ඒ අනුව ගම්පොළ, දුනුකේඋල්ල මාර්ගයේ උඩගම අංකෙළිපිටිය ප්‍රදේශයේ නිවසක් සහ ගම්පොළ දොළොස්භාගය මාර්ගයේ සිංහපිටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී අයිස් පැකට් සමග ඒවා බීමට ගන්නා උපකරණ පොලීසිය සොයා ගත්තා.
එසේම අයිස් ඇසුරුම් කිරීමට යොදා ගන්නා පොලිතින් කවර දහසකට අධික ප්‍රමාණයක් හා විද්‍යුත් තරාදියක් ඇතුළු උපකරණ රැසක් ද පොලීසිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම විසි දෙහැවිරිදී තරුණ සැමියා විවාහ දෙකක් සිදු කරගෙන තිබෙන අතර විසිතුන් හැවිරිදි පළමු බිරිඳට මාස 15ක දරුවෙක් සිටින අතර අයිස් සමඟ හසු වූ විසි හතර හැවිරි බිරිඳ මාස පහක ගැබිනියක් බව ද පොලීසිය පැවසුවා.
මොහු මුස්ලිම් ජාතිකයෙකු වුවත් බිරින්දෑවරු දෙදෙනාම සිංහල අය වන අතර ඔවුන් අයිස් ජාවාරමට හවුල් කර ගැනීමට පහසු නිසා එම පියවර ගත් බව පොලීසියට පවසා තිබෙනවා.
ජාත්‍යන්තර මත්ද්‍රව ජාවරම්කරුවකු වන ඩුබායි තාරුගෙ මත් ද්‍රව්‍ය මොවුන් මෙසේ ජාවාරම් කර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා.
පොලීසිය පවසන්නේ අයිස් අලෙවීය හා පානය යන දෙකම මොවුන් සිදු කර ඇති මේ පුද්ගලයාගේ මව පියා හා පළමු බිරිඳ සිටින කීරපන ප්‍රදේශයේ නිවසද පොලිසිය පරීක්ෂා කළා.
එහිදී මොහුගේ මව හා පළමු බිරිඳ සඳහන් කළේ කළ වරදට මොහුට දඬුවම් දී කන්දකාඩු හෝ රැගෙන ගොස් පුනරුත්ථාපනය කොට බේරාදෙන ලෙසයි.