නාවලපිටියේදී වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් පෙරළී අනතුරක්

නාවලපිටියේදී වෛද්‍යවරයකු පැදවූ මෝටර් රථයක් පෙරළී අනතුරක්

නාවලපිටියේ සිට මහනුවර දක්වා ධාවනය කල මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළදසැළක් අසළ පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබනවා.

පොලීසිය පැවසුවේ මෙම මෝටර් රථය වෛද්‍යවරයෙකු විසින් පදවා ඇති බවටයි.

ඊයේ (28) පස්වරු 4:00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේදියි.

මෝටර් රථය අනතුරට පත් වන අවස්ථාවේ වෛද්‍යවරයා පමණක් මෝටර් රථයේ සිට ඇති බවත්, අනතුරින් වෛද්‍යවරයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත් පොලීසිය පැවසුවා.

අනතුරට හේතුව මෝටර් රථයේ කාර්මික දෝෂයක් බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන ඇත්ගාල පොලිසිය පවසනවා.

Share This