
අර්ච්චුනාට ඇප
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට ඇප ලබා දී තිබෙනවා
පසුගියදා කොළඹ පැවැති සත්‍යග්‍රහයක් අතරතුර එහි පැමිණි මන්ත්‍රීවරයා සිය රථය මාර්ග නීති උල්ලංඝනය වන ලෙස නවතා තැබීම පිළිඹදව කොටුව පොලීසියේ පොලිස් නිලධාරියෙකුට බැණ වැදීම මාධ්‍ය වාර්තා කර තිබුණා
ඒ පිළිබඳ සිදු කෙරෙන විමර්ශනයට අදාළව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණි අවස්ථාවේදියි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා
