
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරය සඳහා පත්කිරීමට අයදුම්පත් කැඳවයි
2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයේ 2025 ඔක්තෝබර් මාසයේ ඇතිවීමට නියමිත පුරප්පාඩුව පිරවීම සඳහා පහත තනතුරු සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. එම අයදුම්පත් කැඳවනු ලැබ ඇත්තේ ,
• සිද්ධිමය කරුණු සෙවීම හෝ විමර්ශනය සිදු කිරීම,
• මානව හිමිකම් නීතිය,
• ජාත්‍යන්තර මානුෂීය නීතිය,
• මානව ප්‍රතිචාර පිළිබඳ පූර්ව පළපුරුද්දක් සහිත
හෝ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) කර්තව්‍ය ඉටු කිරීමට අදාළ වෙනත් සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් ගෙන්.
මීට අදාළ අයදුම්පත්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත්කිරීම’ නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු බව දැක් වෙනවා.
යථා පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර ඔක්තෝබර් 14 දින හෝ එදිනට පෙර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව – කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකියි.
