ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය මෝදරින් ජීව අත්බෝම්බ 10 ක් සොයා ගනී

ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය මෝදරින් ජීව අත්බෝම්බ 10 ක් සොයා ගනී

ටී 56 ගිනි අවියක් සමග සැකකරුවකු කිරිබත්ගොඩ පොලිස් වසමේ දී අත් අඩංගුවට ගැනීම සහ ඊට අදාල ඉදිරි විමර්ශනයේදී වව්නියාව සෙට්ටිකුළම ප්‍රදේශයේදී  තවත් සැකකරුවන් දෙදෙනකු ජීව අත් බෝම්බ 86 ක් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු අත් බෝම්බ 100 ක් සමග පළාගොස් ඇති බවට අනාවරණය වීම මත සිදුකරන ලද විමර්ශනයේ දී ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (30) මෝදර පොලිස් වසමේ අලුත් මාවත ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකළ බවයි.

එහිදී ජීව අත් බෝම්බ 10 ක් සොයාගෙන ඇති අතර එම අත් බෝම්බ මෝදර පොලීසියට භාර දී තිබෙනවා.

Share This