වන සත්ව දිනය දා වන අලියෙක් විදුලිසර වැදී මිය යයි

වන සත්ව දිනය දා වන අලියෙක් විදුලිසර වැදී මිය යයි

ලෝක වන සත්ව දිනය ලෙස නම් කර තිබෙන අද (04) පොළොන්නරුව රජයේ බීජ ගොවිපලේ මාර්ගයක් අසල දී වන අලියෙකුට විදුලිසර වැදී මිය ගොස් තිබෙනවා.

පොළොන්නරුව වන ජීවි නිලධාරීන් පවසන්නේ මෙසේ මියගිය වන අලියා උස අඩි අටක් පමණ වන අතර වයස අවුරුදු තිස්පහක් පමණ වනන බවයි.

රජයේ බීජ ගොවිපළට අයත් ඉඩමක වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබුණු විදුලි රැහැනක පැටලී එම වන අලියා මියගොස් ඇති බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

වන අලින්ට දමන විදුලියට වඩා වැඩි විදුලි බලයක් මෙයට යොදා තිබෙන බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

එම වත්තේ තිබෙන කෙසෙල් පඳුරක් ආහාරයට ගැනීමට යාමේදී වන අලියා එම විදුලි රැහැන් පද්ධතිය නොදැක එම ස්ථානයට ඇතුල්වීමට උත්සාහ කර ඇති අතර එහිදී එම රැහැන් වල පැටලී වන අලියා ස්ථානයේදී මිය ගොස් තිබෙනවා.

අප වා‍ර්තාකරු පවසන්නේ මියගිය වන අලියාගේ ඇස්වලින් ලේ වහනය වී තිබූ බවයි.

 

 

Share This