රියදුරුට නින්දගොස් වෑන් රථයක ගිය මින්නේරියේ 6 ක් රෝහලේ

රියදුරුට නින්දගොස් වෑන් රථයක ගිය මින්නේරියේ 6 ක් රෝහලේ

මින්නේරිය නගරයේදී වෑන් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ අනතුරක් සිදු වුණා.

එම අනතුරින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේ.

වෑන් රථයේ රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවයි සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

Share This