චීවර මාසය ඇරඹෙන වප් පුර පස්ළොස්වක පොහොය අදයි

චීවර මාසය ඇරඹෙන වප් පුර පස්ළොස්වක පොහොය අදයි

සමස්ත බෞද්ධ ජනතාවට සුවිශේෂිව වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබෙනවා.

කඨින චීවර පූජා කරන මාසයේ සමාරම්භක දිනය අදින් ඇරඹෙයි.

එබැවින් මේ චීවර මාසය යි.

සෑම වසරක ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය බෞද්ධයා සලකන්නේ පුණ්‍ය කාලය ලෙසයි.

වස් පින්කම් මාලාව අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි.

මීට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් කිහිපයක් වනවා.

ඉන් පළමුවැන්න නම් සත් වැනි වස් කාලය තව්තිසා දිව්‍ය ලෝකයෙහි ගත කළ බුදුරදුන් සංකස්ස නගර ද්වාරයට වැඩම කිරීම යි.

එදා මහා පිරිසක් සංකස්ස නගර ද්වාරයට එක්රැස් වූ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.

දිව්‍ය බ්‍රහ්ම සමූහයා ගේ පංචතූර්ය වාදනයන් හා සාධු නද මධ්‍යයේ අප්‍රමාණ බුද්ධශ්‍රීයෙන් සංකස්ස නගර ද්වාරයට බුදුරදුන් වැඩම කළ කල්හි ඒ අසිරිය දුටු සියල්ලෝ ම බුදුවන්නට ප්‍රාර්ථනා කළ බව සඳහන්.

මෙම පූජෝත්සවය හැඳින්වුණේ “දේවාවරෝහණ” ලෙසින්.

සැරියුත් මහ රහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතරින් අගසව් තනතුරු ලැබීමද වප් පුන් පොහොය දිනක සිදුවී තිබෙනවා.

 

Share This