
live@Sri Lanka පුවත දැක තිහාරියේ මහමගට වැටුණු මවට – පියාට කරුණාවන්ත මිනිසුන්ගේ පිහිට
තම එකම පුතුගේ ත්‍රිරෝද රථය බේරා ගැනීමට මුදල් සොයානොදීම නිසා තමන්ට පහරදී නිවසෙන් පන්නා දැමූ බව පවසන වයෝවෘද්ධ මවක් සහ පියෙක් තිහාරිය නගරයේ මාර්ගයක් අසල සිටින බවට පුවතක් අප පසුගිය සෙනසුරාදා වාර්තා කළා.
තිහාරිය නගරයේ දක්නට ලැබුණ මෙම වයෝවෘද්ධ මව සහ පියා පැවසුවේ ඔවුන් කලකලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි අය බවයි.
තම එකම පුත්‍රයා ගේ ත්‍රිරෝද රථය ණය වාරික නොගෙවීම නිසා එම මූල්‍ය ආයතනයෙන් රැගෙන යාම හේතුවෙන් ත්‍රිරෝද රථය නැවත ලබා ගැනීමට තවත් රුපියල් ලක්ෂයක මුදලක් අවශ්‍ය බවත් එම මුදල් ඉල්ලා තමන්ට පහර දෙන නිසා නිවසින් පැමිණි බව මේ අසරණ දෙමාපියන් පැවසුවා.
කුලී වැඩක් කර සිය අවසන් කාලය ජීවිතය ගෙවන මෙම මහළු පියාගේ වයස අවුරුදු 86 වන අතර මව 73 න් හැවිරිදි වියේ පසු වූවන්.
ඔවුන් දෙපළ මේ පිළිබඳව පොලීසියට පැවසීමට අකමැති වූයේද තම විවාහක පුතු පොලීසියෙන් රැගෙන ගියහොත් ඔහුගේ පවුල අසරණ වනු ඇතැයි බියෙන්.
මෙම හොළි දරව්ව දුටු කොළඹ ප්‍රදේශයේ කරුණාවන්ත යුවලක් වප් පොහෝ දින යෙදී තිබූ අද දවසේ කලගෙඩිහේන, කටුවස්ගොඩ ශ්‍රී අරියනන්දනාරාම පුරාණ විහාරස්ථාන පුදබිමට පැමිණැ සිටියේ මේ මව සහ පියා දැක බලා ගැනීමටයි.
තොරතුරු සොයාගත් මේ කරුණාවන්ත යුවළ පොහෝ දිනයේ කටුවස්ගොඩ ශ්‍රී හරියනන්දනාරාම පුරාණ විහාරස්ථානයේ සිල් සමාදන් වෙමින් සිටි වයෝවෘද්ද දෙමාපියන් දැක ගත්තා.
විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මහගම ශීලානන්ද ස්වාමීන් වහන්සේගේ ද අනුශාසකත්වයෙන් එම මාපිය යුවළ හමුවී පුතා විසින් පොළොවේ ගසා කුඩුපට්ටම් කළ දුරකථනය වෙනුවට අලුත්ම දුරකථනයක් ලබා දීමට ද කටයුතු කර තිබුණා.
ඔවුන් දෙදෙනාට අවශ්‍ය තවත් උපකරණ මෙන්ම මුදල් ද ලබාදීමට කටයුතු කළේ තවමත් මේ පුන්‍ය භූමියේ කරුණාවන්ත මිනිසුන් සිටින බව පසක් කරමින්.