පාසලේ පිහිනුම් තටාකයට වැටී සිසුවා මරුට

පාසලේ පිහිනුම් තටාකයට වැටී සිසුවා මරුට

දික්වැල්ල විජිත විද්‍යාලය ඉගෙනුම ලබන 17 හැවිරිදි ශ්‍රිහාන් විස්මික ඉලංකානාදන් එම විද්‍යාලය පිහිනුම් තටාක‍යේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණ පරීක්ෂණය සිදු කළ මාතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඒ.එස්. සෙනෙවිරත්න මහතා සිදු කරනු ලැබූ අතර ඊයේ සවස හයට පමණ මිතුරන් පස්දෙනෙකු සමග ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර බෝලය පිහිනුම් තටාකයට වැටී එය ගැනීමට යාමේදී මෙම සිසුවා දියේ ගිලී ඇතැයි සඳහන්.

පොලිසිය පැවසුවේ ඒ අවස්ථාවේදී තවත් සිසුන් දෙදෙනකු ඔහු බේරා ගැනීමට පැන ඇති අතර එක් පැත්තක ගැඹුර අඩි 8.5 වන අතර ගැඹුරු කොටසේ දී දියේ ගිලී ඇති බවයි.

මේ අවස්ථාවේදී සිටි මුරකරුවෙකු දියට පැන ගිලුණු සිසුවා රෝහල් ගත කිරීමට සලස්වා ඇතත් ඒ වනවිටත් සිසුවා මියගොස් සිට තිබෙනවා.

මෙම සිසුවාගේ පියා වෛද්‍යවරයෙකු වන ඔහු ද ජීවතුන් අතර නැහැ.

මියගිය සිසුවාට වැඩිමල් සොහොයුරියක් සහ බාල සොහොයුරියක් ද සිටිනවා.

Share This